Sunday, October 10, 2010

ආදරණීය දෝනි


කෝ අද ඔයා කොතනද මොකටද ඉන්නේ
කවදාවත් නෑද්ද මගේ උකුලට එන්නේ
පපුවට ගුලි ගෑහී නෑතිවද කිරි බොන්නේ
අම්මගේ පෑතුම් ගෑන දුව මොනවද දන්නේ

ආසයි ඔයා කුස තුල ලොකු කරගන්න
දොල දුක හෑදී ඈඹුලට මිරිසට කන්න
බර අඩි තියා පොඩි ඉබි ගමනක් යන්න
තවකල් නොගොස් මගේ දුව හනිකට එන්න

පොඩි මල් ගවුම් එනකන් මම මහන්නං
සෙල්ලම් බඩු ගෙනත් ගොඩකර තියන්නං
දුගේ කාමරේ ලස්සන කරන්නං
නොපෑමිණි ඔයා වෙනුවෙන් මග බලන්නං

පතපොත බලා හිමි කරගෙන දෑනුම ගොඩක්
මගේ දු හදා කරනව මම ලොවට සෙතක්
සුසිනිදු ඈඟේ වෙන් කෙරුවට දුට ඉඩක්
කෝ මට නෑනේ තානමත් අලි මහත බඩක්

කොන්ඩය දෙපෑත්තෙන් බෑන්ඳම රුවට රුවයි
පොඩි පාවහන් කොට ගව්මට පුදුම හෑඩයි
කට හුරතලෙහි සිරියාවයි හරිම දඟයි
මට මගේ සෑපයි සතුටයි පණ සදිස දුවයි

ඉරණම අනුව යනකොට ජිවිත ගමනේ
පාලුව තනිය විතරයි මග තොට රෑඳුනේ
දුවත් දුවගේ අප්පච්චිත් මුණ ගෑහුනේ
නෑතිකොට මොකද දු අම්මට දුක හිතුනේ..

5 comments:

  1. ෂා.... ලස්සන පැතුම් පොදියක්... අර මහත බඩ ගැන කියනකොට කොටනම් හිනාගියා.. ඒ වුනට අන්තිම කවිය මාර බැරෑරුම්නේ...

    ReplyDelete
  2. ම්ම්ම්................ඔන්න බලාගෙන ඉදලා ඉදලා...අන්තිමට ලිව්වා නියම එකක්..නියමයි කදුලු.....

    ReplyDelete
  3. ලස්සනයි....නියමයි...!!

    ReplyDelete
  4. @ කාංචන දිනුක :කියවලා ඉවර වෙනකන්ම හිතන්න බෑ නේද මොකක්ද කියන්නෙ කියලා..ස්තුති රස වින්දාට

    @ සෝරෝ :ස්තුති

    @ රත්ගමයා :ස්තුති අගය කිරිමට..

    @ පසන් :ස්තුති අය්යා

    ReplyDelete