Monday, October 18, 2010

තවමත් නුඹ සුවඳයි!


හුඟාක් සීතල සොඳුරු හිමිදිරියක කල්පනාවෙන් ගමන් කරපු මට හදිස්සියේම ඔබව හමුවුණා...මම තිගෑස්සුනා.මට හිතුනේ නෑ ඔබ එපමනට හුරුපුරුදු දසුනක් වෙයි කියලා.ඔබ සිනාසුණා හීන් හිනාවක් මගේ දෙතොලෙත් ඈඳුනා.ඊට පස්සේ අපි ටික දුරක් නිහඬව ගමන් ගත්තා.නුඹ ඉස්සර වුණා.මගෙන් ඈහුව දේට ම්ං උත්තර දුන්නා.එදා වෙන්වෙලා ගිය අපි දෙන්නා අහඹු ලෙස යළි යළිත් හමුවුණා.

ඉතින් අපි හමුවුණා,හුදකාලා බිමක නම් නෙමෙයි.දෙනොදාහක් අතරෙදි අපි දොඩමලු වුනා,තර්ක කලා.නිහඬව සිටියා .ඒත් කවමදාකවත් අමනාප වුනේ නම් නෑ.

ඔබ ලඟදි මම පොඩි දරුවෙක් වුනා .මම හිතුව,ලෝකෙ හුඟක් දෙවල් ඔබ දන්නවා කියලා.ඔබෙන් අහන්න ප්‍රශ්න හුඟාක් තිබුනා මට.ඔබ ලඟදි මට ආරක්ශාවක් දෑනුනා.හෙට දවසෙදිත් මම ගෑන සොයා බලයි කියල,හිතුන හින්ඳම ,අනාගතයක් ගෑන අහන්න මට මතක නෑති වුනා.

එක දවසක් අහස හොඳටම අඳුරු වෙලා තිබුනා.මට අතර මගකදි ඔබ හමවුනා.ඔබ හින වුනා..ඒත් මගෙ ඈස් නුඹ ලඟ නතර වෙලා තිබුනේ නෑ.ඒක මට හොඳටම දෑනුනා ඔබටත් දෑනෙන්න ඈති.වෙනදා වගගේ සුහදව දොඩමලු වෙන්න බෑරිවුනා.ඉතින් මම ඉක්මනටම යන්න ගියා.අපි ආයෙත් හමු වුනේ නෑ අහඹු ලෙසවත්..හරි පුදුමයි...ඔබ වෙන්වෙලා කියලා මාත්, මම වෙන්වෙලා කියල ඔබත් හිතුවා..ඒ තරම්ම දයාබර වුනු අපට එහෙම කරන්න පුලුවන්ද කියලා මට හිතා ගන්න බෑරි වුනා.අවසානෙදි සුන්දර අතිතයක් හිමි වුනා අපි දෙදෙනාටම අපි නිසා.

ආපසු බෑලුවාම හිතන්න හුඟක් දේ ඔබ ඉතිරි කර තිබුනා.ඉතින් අපේ වෙන්විම මම මෑදිහත් සිතින් විඳ දරා ගත්තේ ඒක සුන්දර හමුවීමක්ම පමණක් බව තේරුම් ගත්ත හින්ද වෙන්න ඈති...

4 comments:

  1. හමු වෙන්නෙ නෑ කියල හිතන අයව ආයෙ හමුවෙනවා..මේ ලෝකේ ගොඩාක් පුන්චි......

    ReplyDelete
  2. @ රත්ගමයා :එහෙම බලපොරොත්තු වෙනවා මමත්.

    ReplyDelete
  3. @රත්ගමයා පුංවි වුනාට අපට අවෂය වෙලාවට හමුවෙනව අඩුයි. මට නම් හොදටෝම දැනිල තියෙන දේ තමා අපි පාසල් මාරු කරනකොට යහළුවන්ට සමුදෙන්න වෙනව. ඒ අයට අවෂය වෙලාවට අපි ඒ අය ලග නෑ, ඒ වගේම අපට අවෂය වුනහම අපි ඒ අය ලග නෑ.

    @Kandulu Binduwa ඇත්තටම හිතට එකගව අපි විදින දේ හිතට වදින්න වචන එකතු කරල ලියල තියෙනව, සම්පූර්ණයෙන්ම කියෙවුවහම හිතෙනව අපිට හැගීම් එක්ක කතා කරන්න පුළුවන් නම් කියල.

    ReplyDelete
  4. වෙන්වීමත් එක අතකට හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට .....මේ වගේ සුන්දර ආදර කතා ගොඩාක් කසාදය කියන යක්ෂයා හොරෙන් අරන් ගිහින් තියෙනවා.

    ReplyDelete